Monday, October 26, 2015

399 යුද හා රාජ්‍ය තාන්ත්‍රික චාරිත්‍ර

ලොව විවිධ යුද්ධ
            මිනිසා තම ජීවිතය ගෙනයැමට පටන්ගත්තේ කවදා ද එදා මෙදාතුර විවිධ ගැටුම් මත මෙම ජිවන රටාව ගෙනයමින් සිටිනු දක්නට ලැබේ. මෙම ගැටුම් යුද්ධ ලෙස නම්කරන අතර ඒවා සිදුවූ හෝ සිදුවන ආකාරය සලකා වර්ග කිපයකට බෙදා දැක්විමට පුළුවන් වේ.
                                I.            රටවල් අයත් කර ගැනිම හා අධිරාජ්‍ය ව්‍යාප්ත කර ගැනිම වෙනු වෙන් කළ යුද්ධ
                              II.            පෙළපත් යුද්ධ
                            III.            වෙළඳ යුද්ධ
                            IV.            සිවිල් යුද්ධ
                              V.            ආගමික සහ සංස්කෘතික මත ගැටුම් මත අති වූ යුද්ධ
                            VI.            නිදහස දිනා ගැනිම පිණිස සිදු කළ යුද්ධ (2016.06.12 කේ.ජී.කේ.)

රෝස යුද්ධය

            එංගලන්තයේ පෙළපත් දෙකක් අතර පැවති මෙම යුද්ධය සඳහා පාර්ශව කරුවන් වූයේ යෝර්කිස්ට් වංශිකයින් සහ ලැන්කෙස්ටර් වංශිකයින්ය. රාජ්‍ය බලය ලබා ගැනිම මුල් කර ගනිමින් මෙම දෙපාර්ශවය අතර ක්‍රි:ව: 1453 සිට ක්‍රි:ව: 1485 දක්වා වරින් වර මෙම යුද්ධය පැවති අතර යෝර්කිස්ට් වංශිකයින් තම යුධ කබායේ සුදු රෝස මලක් ද ලැන්කෙස්ටර් වංශිකයින් රතු රෝස මලක් තම යුධ කබාවල පැලඳ යුධ කිරීම නිසා මෙම යුද්ධය රෝස යුද්ධය නමින් ප්‍රසිද්ධ විය. ක්‍රි:ව: 1485 දි ලැන්කෙස්ටර් වංශිකයකු වු හෙන්රි ටියුඩර් කුමාරයා හත්වන හෙන්රි නමින් රජවී යෝර්කිස්ට් වංශික එළිසබත් කුමරිය විවාහ කර ගැනිමත් සමග මෙම පෙළපත් දෙක අතර පැවති රෝස යුද්ධය අවසාන විය.              (2016.06.12 කේ.ජී.කේ.)


වෙනත් යුද්ධ - පළමුවන ලෝක යුද්ධය
                       දෙවන ලෝක යුද්ධය බලන්න

No comments:

Post a Comment